Welcome
Login / Register

Latest Articles


  • දිගටම අගමැති මමයි මම අස් වෙන්නේ නෑ” ඉවත් කිරීමට දගලන අයට අභියෝග කරමින් අගමැති කියයි

    අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. එහිදී එතුමන් පවසා සිටියේ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තමන් තවදුරටත් මෙරට අගමැති ධූරයේ කටයුතු කරන බවයි.

    එතුමා තව දුරටත් පවසා සිටියේ පවතින නීතිරීති වලට අනුව තමන්ට අගමැති ධුරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇති කියා තමන් විශ්වාස නොකරන බවයි. පළාත් පාලන මැතිවණයේ ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත් එය ආණ්ඩුවේ පක්‍ෂවල පසුබෑමක් බවත් පැවසු අග්‍රාමාත්‍යයවරයා සභාග ආණ්ඩුවකදී ගැටීම් ඇතිවීම සාමන්‍යය කරුණක් බවද පවසා සිටියා.

    තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යයතුමා පවසා සිටියේ, රටේ ආර්ථිකය කඩාවැටීමට හේතුව ස්වභාවික හේතුන් වුවත් එය මැතිවරණ ප්‍රතිඵලයට මුලික හේතුවක් වූ බවයි.

     

    Read more »
  • කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ විශේෂ ඉල්ලීමට ඔහු වෙනුවෙන් නිපදවා ලංකාවට ගෙනාව Mercedes-Benz G63 turbo සුපිරි මොටර් රථය

    ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන හිමිවන ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය දිනක ලොව සුපථල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර සුපිරි මොටර් රථයක් ගෙන් වා තිබෙනවා.

    Mercedes-Benz G63 turbo ගණනයට අයත් වන මෙම සුපිරි මොටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට ගෙන්වා ඇති මෙම සුපිරි මෝටර් රථය දැනට ශ්‍රි ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය බව වාර්තා වෙනවා . Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo ලෙස වෙනස්කම් සිදු කර ලංකාවට ගෙන්වා තිබෙනවා මේ එම සුපිරි රථයේ ඡයාරුපයි

     

    Read more »
  • ගෝඨා ඇතුලට ? අධිකරණ නියෝගය මෙන්න

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දින විදෙස්ගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පැමිණීමත් සමග හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබදවද ඇතැම් රාවයන් පැතිර ගියා.

    මෙම තත්වය යටතේ පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය ලබන 28 දක්වා තවදුරටත් දීර්ඝ කරීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය.

    ඩී.ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතා කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොමිසම තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එය වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ අභායාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු විසින් අදාළ තීන්දුව ලබා දුන්නේය.

    මෙම පෙත්සම ලබන 27 වැනිදා විභාග කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළේය

     

    Read more »
  • විස්සයි විස්ස තරගය අදයි , ජයග්‍රහනය කළොත් ශ්‍රී ලංකාව ඉදිරියටම .

    බංග්ලාදේශයේ පැවැති ටෙස්‌ට්‌ (1-0) තරගාවලිය මෙන්ම තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියද ජය ගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේත් ජය සොයා අද පළමු තරගයට බංග්ලාදේශය සමගින් සහභාගි වේ. ධාකා හි පිහිටි ෂෙයා බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.4.00 ට ආරම්භ වීමට නියමිතය.

     

    ශ්‍රී ලංකාව සමග විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 88 ක්‌ බැගින් ලබා සම තත්ත්වයට පැමිණ සිටින ඇෆ්ගනිස්‌ථානයට ‘වංගුවක්‌’ දමා ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව මෙම තරග දෙකම ජය ගත යුතුවේ. තරගාවලිය 1-1 ක්‌ ලෙස සම වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (88) වෙනසක්‌ නොවන අතර තරග 2-0 ක්‌ වශයෙන් ජය ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 91 දක්‌වා ඉහළ යනු ඇත. යම් හෙයකින් තරගාවලිය පරාජයට පත්වුවහොත් විස්‌සයි විස්‌ස ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 84 ක්‌ දක්‌වා අඩු වන අතර එවිට ඇෆ්ගනිස්‌ථානයට වඩා පසුපසින් ශ්‍රේණිගත වීමට ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට සිදුවේ.

    බංග්ලාදේශ නිත්‍ය විස්‌සයි විස්‌ස නායක ෂකිබ් අල් හසන්ගේ ඇඟිල්ලේ ආබාධය සුව නොවීම හේතුවෙන් කණ්‌ඩායම මෙහෙයවීම මහමුදුල්හාට පැවරී තිබේ. ෂකීබ්ගේ දඟ පන්දු යෑවීමේ අඩුව පිරීමැසීම සඳහා බී.පී.එල්. තරගාවලියෙන් සොයා ගත් නස්‌මුල් ඉස්‌ලාම්ව කණ්‌ඩායමට කැඳවා තිබේ. මීට අමතරව නවක ක්‍රීඩකයන් පස්‌දෙනෙක්‌ බංග්ලාදේශ විස්‌සයි විස්‌ස සංචිතයට ඇතුළත් කර තිබේ.

     

    බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක්‌ පැවැති විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග හතෙන් පහක්‌ම ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර තරග දෙකක්‌ පමණක්‌ බංග්ලාදේශය ජය ගෙන තිබේ. 2014 දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ පැවැති විස්‌සයි විස්‌ස ලෝක ශූරතාවද දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව පසුගිය වසරේ සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග 15 කින් දහයක්‌ පරාජයට පත්වූ අතර ජය ගත්තේ තරග පහක්‌ පමණි. බංග්ලාදේශය එම වසරේදී සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග හතකින් ජය ගෙන ඇත්තේ එක්‌ තරගයක්‌ පමණි.

     

    ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායම

    දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩ්‍රසි, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්‌, අසිත මෙන්ඩිස්‌

    බංග්ලාදේශ විස්‌සයි විස්‌ස සංචිතය

    මහමුදුල්හා (නායක), තමිම් ඉක්‌බාල්, සෞම්‍ය සකාර්, මුෂ්µsකර් රහීම්, සබීර් රෙහමාන්, මුස්‌ටµsසුර් රහමන්, රුබෙල් හසන්, මොහොමඩ් යසිඩින්, අබු හයිඩර්, අබුජෙයිඩ්, රිµqල් හක්‌, මෙහෙදි හසන්, අµSෆ් හුසේන් සහ නස්‌මුල් ඉස්‌ලාම්

     

    Read more »
  • පෙම්වතුන්ගේ දිනයදා වොල්ගා සහ හර්ෂණගේ සරාගී ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වෙයි (PHOTOS)

    වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ කියන්නේ කලා නිර්මාණවලට පෙම්වතුන් පමණක් නොව සැබෑ ජීවිතයේදීත් අඹුසැමියන් බව කලාව පිළිබඳව උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම දන්න කරුණක්. බොහෝ රසික ආදරය නොඅඩුව දිනාගනිමින් ප්‍රේක්ෂකයන් අතර ඉහළින් සිටින මෙම ආදරණීය යුවළ විවිධාකාරයේ රංගනයන් තුලින් අපව ඇද බැද තබාගන්නවා.

    ඒ කෙසේ වුවත්, ඔවුන් දෙදෙනා එකට සිටින සාරාගී නිර්මාණ දකින එක නම් ටිකක් දුලබ කටයුත්තක්. ආදරවන්තයින්ගේ දිනයවන අද(14) දිනයේ දී හර්ෂණ විසින් ඔවුන් දෙදෙනා එක් ව ලබාගත් ඡායාරූප පෙළක් ඔහුගේ ෆේස්බුක් පිටුවට ඇතුළත් කර තිබෙනවා.

    එම ඡායාරූපවල අතිශය සරාගී බවක් දැකගත හැකි බැවින් සහ මීට පෙර ඔවුන් දෙදෙනාගේ එවැනි ඡායාරූප පළ වී නොතීබීම හේතුවෙන් එම ඡායාරූප කෙරෙහි සමාජ ජාල මාධ්‍යය තුළ විශේෂ අවධානයක් ඒ සඳහා හිමි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

    වොල්ගා සහ හර්ෂණගේ එම සරාගී ඡායාරූප මේ…

     

    Read more »