Welcome
Login / Register

අපි නිවසේදීම KFC ක්‍රමයට කුකුල් මස් සකස් කර ගමු මෙන්න හරිම හරි වට්ටෝරුව මවිත වන රසයෙන් යුතුව.

Loading...

KFC ක්‍රමයට සකස් කරන ලද කුකුල් මස් KFC Fried Chicken KFC ෆයිඩ් චිකන්

 

KFC Fried Chicken
KFC ෆයි චිකන්
KFC ක්‍රමයට සකස් කරන ලද කුකුල් මස්
අපි නිවසේදීම KFC ක්‍රමයට කුකුල් මස් සකස් කර ගමු එය හරිම ලේසියි ඔයතරම් මිලක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැ පිරිසිදුව ඔබේ අතෙන්ම හදපු KFC චිකන් කන්න තියනවනම් කොචර හොඳයිද මෙන්න හරිම හරි වට්ටෝරුව මවිත වන රසයෙන් යුතුව.
මෙම වට්ටෝරුව ඔබේ රුචිය අනුව වැඩි කර ගන්න
පහත video බලන්න

අවශ්‍ය ද්‍රව්‍ය :
සීසන් හෙවත් පදම් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :
ඔබ කැමැති කුකුල් මස් කලුල් හා තටු තරමක ලොකු කැලී 5 යි(සම සහිතව ගැනීමෙන් රිස්පී ගතය වැඩිය)
බී ලුනු කුඩු මේස හැඳි 01 යි(සුපර් මාකට් වල තිබෙනවා නැතිනම් පොඩියට කාපා හිරු එළියේ හෝ අවන් එකකින් වියලා කුඩු කර ගත හැක)
ඔරිගනෝ කුඩු තේ හැඳි 01 යි(සුපර් මාකට් වල මිලදී ගත හැක කුඩු හෝ වියලන ලද කොළ ඇත කුඩු කොට සකස් කර ගත හැක )
ඉඟුරු කුඩු තේ හැඳි 01 යි. (සුපර් මාකට් වල තිබෙනවා නැතිනම් පොඩියට කාපා හිරු එළියේ හෝ අවන් එකකින් වියලා කුඩු කර ගත හැක)
ගම්මිරිස් තේ හැඳි 01 යි
ලුණු රස අනුව
සුදු ලුනු කුඩු තේ හැඳි 01 යි.(සුපර් මාකට් වල තිබෙනවා නැතිනම් පොඩියට කාපා හිරු එළියේ හෝ අවන් එකකින් වියලා කුඩු කරගත හැක)
පැප්රිකා මිරිස් කුඩු මේස හැඳි 01යි (සුපර් මාකට් වල මිලදී ගත හැක බෙල් පේපර් වැනි වර්ගයේ මිරිස් වියලා සකස් කල මිරිස් කුඩු වර්ගයකි)
වතුර කුකුල් මස් කැලී වැසේන ප්‍රමාණයට
සැබැ රසය ගැනීමට මේ වට්ටෝරුව අවශ්‍යයි ඔබේ රුචිය අනුව මිරිස් කුඩු වැනිදේ වෙනස් කල හැක හා සැකසිය හැක නමුත් සැබැ රසය වෙනස් වේ.
කුකුල් මස් දැවටීමේ මිශ්‍රණය අවශ්‍ය ද්‍රව්‍ය :
පිටි කෝප්ප 04 යි.
මයියොක්කා පිටි කෝප්ප 01 යි.( සුපර් මාකට් වල තිබෙනවා Topioca starch ටපියෝකා ස්ට්ච් කියලා ඉලන්න ) නැතිනම් කොන් පිටිද භාවිතා කල හැක
සුදුලුනු කුඩු තේ හැඳි 01 යි.
පැප්රිකා මිරිස් කුඩු මේස හැඳි 01 යි.
ඔරිගනෝ කුඩු තේ හැඳි 01 යි.
ඉඟුරු කුඩු තේ හැඳි 01 යි.
බී ලුනු කුඩු මේස හැඳි 01 යි.
රස අනුව ලුණු

බැටරය හෙවත් බිත්තර ද්‍රාවණයට අවශ්‍ය ද්‍රව්‍ය :
ලොකු බිත්තර 01 යි.
සම්පුර්ණ යොදය සහිත කිරි මේස හැඳි 05 යි.
ගැඹුරු තෙලේ බැඳ ගැනීමට වැඩි පුර තෙල් අවශ්‍ය වේ.(හොඳ තෙල් වර්ගයක් තෙල් රසය ඉස්මතු නොවෙන )

සාදන ක්‍රමය:

මැරීනේෂන් එක (සිසනින්) සාදන ක්‍රමය :
ගැඹුර සහිත පෑනි එකක් ළිප මත තබන්න එයට වතුර එකතු කර ගන්න මද ගින්දරේ රත් කර ගන්න එයට බී ලුනු කුඩු , ඔරිගනෝ කුඩු, ඉඟුරු කුඩු, ගම්මිරිස්, ලුණු රස අනුව, සුදු ලුනු කුඩු, පැප්රිකා මිරිස්,එකතු කොට හොඳින් මිශ්‍ර කර විනාඩි 10 යක් මද දින්දරේ තම්බන්න .එය වෙනත් භාජනයකට එකතු කොට නිවෙන්න තබන්න
කුකුල් මස් කැබලි එකින් එක එකතු කරන්න එහි රසය හොඳින් කැලී වලට උරා ගන්න තෙක් තැබිය යුතුය අවම වශයෙන් පැය 04 රාත්ත්‍රී එළිවෙනකම් තබන්නේනම් ඉතා රසවත්ය මතක තබාගන්න කුකිල් මස් වැසෙනසේ මෙම ද්‍රාවණය තිබිය යුතුය .

කුකුල් මස් දැවටීමේ මිශ්‍රණය සාදන ක්‍රමය :
පිටි බෝල් එකකට එකතු කර ගන්න එයට මයියොක්කා පිටි, සුදුලුනු කුඩු, පැප්රිකා මිරිස් කුඩු, ඔරිගනෝ කුඩු , ඉඟුරු කුඩු, බී ලුනු කුඩු, රස අනුව ලුණු එකතු කර ගන්න එය හොඳි මිශ්‍ර කරන්න
බැටරය හෙවත් බිත්තර ද්‍රාවණයට සාදන ක්‍රමය :
බිත්තර සමග කිරි එකතු කොට හොඳි බිට් කර ගන්න .

KFC කුකුල් මස් සාදන ක්‍රමය:
හොඳ කට පළල් ගැඹුර ඇති ඝණකමින් යුතු බඳුනක තෙල් පිරවා මද ගින්දරේ තෙල් රත්වන්න තබන්න
මැරිනෙට් කරන ලද කුකුල් මස් හොඳන් වතුර පෙරා ගන්න ඉන් පසු පිටිමත තබා හොඳන් පිටි මිශ්‍රණය තවරා ගන්න පිටි තවරා ගත් චිකන් බිත්තර බැටරයේ පිටි තවරා ගත් චිකන් වලට හොඳන් බිත්තර මිශ්‍රණය තවරා ගන්න නැවත පිටි තවරා ගන්න එසේ කීප විටක් තවරා ගැඹුරු තෙලේ මද ගින්දේ රේ කුකුල් මස් පුළුස්සා නොගෙන විනාඩි15 හෝ 20 හොඳන් රන්වන් පැහැය වනතුරු සියල්ලම බැඳ ගන්න
VIDEO බලන්න ඔබට සියල්ල මනාලෙස සකස් කර හැක සකසා බලන්න කොතරම් රසයිද කියා KFC
වලටත් වඩා රසයි කියලා හිතෙයි මෙය එක් චිකන් වට්ටෝරුව පමණයි තව රස රැසක් තිබේ.
පහත VIDEO බලන්න

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles