Welcome
Login / Register

එකටම ඉඳන් පුංචි මල්ලිව උස්සා ලක්ෂ 30ක කප්පම් ඉල්ලූ අසාම්ගේ ඩබල් ගේම පොලිස් උකසු ඇසින් මාට්ටු කරගත් මෙහෙයුම

Loading...

පසුගියදා රුපියල් ලක්ෂ 30ක කප්පමක් ඉල්ලමින් ගම්පොළදී පැහැරගත් තරුණයා හා කුඩා දරුවා සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. එමෙන්ම පැහැරගත් දරුවා දින 3 ක්‌ පුරා කල්මුණේ කරදියනාරු ඌරුගාමම් ප්‍රදේශයේ සඟවා සිටි ඇති අතර පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකිනුයි කුඩා දරුවා නිරුපද්‍රිතව බේරාගැනීමට හැකියාව ලැබී ඇත්තේ.

මේ අතර පැහැරගත් එම දරුවා සමඟ එයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ද අත්අඩංගුවට ගෙන එම කප්පම් මුදල ද බේරා ගැනීමට මෙම පොලිස්‌ කණ්‌ඩායම සමත්ව තිබෙනවා. ගම්පොළ ප්‍රදේශයම භීතියට පත්කළ මෙම සිදුවීම සිදුවුණේ පසුගිය 3 වැනිදා සවස ගම්පොල නගරයේ බස්‌ නැවතුම්පළ ආසන්නයේ ඇති ගඟවට පාරේදීයි.

අවුරුදු 2 1/2 ක්‌ වයසැති මොහොමඩ් සල්මාන් නමැති දරුවා සමඟ ඔහුගේ මාමා කෙනකු වන අබ්දුල් රහීම් මොහොමඩ් අසාම් නමැති 26 හැවිරිදි තරුණයා ද මෙම සිද්ධියෙන් අතුරුදන් වූ අතර පසුව දුරකථන ඔස්සේ කතාකොට ඔවුන් නිදහස් කරන්නට කප්පම් කල්ලිය ලක්ෂ 30ක මුදලක් ඉල්ලා සිටියා.

ඒ අතර අතුරුදන් වූ අසාම් ඉකුත් 4 දා රිපාස්‌ ඇතුළු ඥතීන්ට දුරකථන ඇමතුමක්‌ දී තමා මහනුවරට ගෙනැවිත් දැමූ බව පැවසීමෙන් පසුව ඔහු පොලිස්‌ භාරයට ගෙන දරුවා මුදාගැනීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අතර කප්පම්කරුවන් ඉල්ලූ රුපියල් ලක්‍ෂ 30 ක මුදල දීමට අපහසු බව පසා ඇති දරුවාගේ පියා එය ලක්‍ෂ 15 දක්‌වා අඩුකරගෙන තිබේ.

ඒ අනුව එම මුදල රැගෙන කොළඹට එන ලෙස කප්පම්කරුවන් දැන්වීම නිසා රිපාස්‌ ඇතුළු ඥතීන් පිරිසක්‌ කොළඹට ගියද කප්පම්කරුවන් ඊළඟට දන්වා ඇත්තේ එම මුදල් රැගෙන කල්මුණේ එන ලෙසය.

මෙම පැහැරගැනීම ගැන විමර්ශනයට පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌ යොදවා සිටි අතර මෙයින් කණ්‌ඩායම් 2 ක්‌ අසාම් සහ දරුවාගේ පියා පිටුපස ගමන් කරමින් සිදුවන දැ පිළිබඳව විමසිල්ලෙන් සිට ඇත.

කොළඹ සිට 5 වැනිදා රාත්‍රියේ මේ පිරිස්‌ කල්මුණේට ගිය අතර පාන්දර වන විට කප්පම්කරුවන් ඔවුන්ට චෙන්කලඩි ප්‍රදේශයට එන ලෙස දන්වා තිබේ. පසුව එතනින් කරදියනාරු ප්‍රදේශයට එන ලෙසත් දරුවාගේ පියාට ත්‍රිරෝද රථයකින් මුදල් රැගෙන ඉදිරියට එන ලෙසත් කප්පම්කරුවන් විසින් දන්වා ඇත.

එම ගමනට දරුවාගේ පියා හා පැහැර ගැනීමට ලක්‌වූ බව කියූ අසාම්ද පිටත්කර හැර ඇති අතර ඔවුන් ත්‍රිරෝද රථයෙන් බැස ඉදිරියට ගිය පසු ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව නැවතී තිබේ. එහිදී කිසියම් අයකු පැමිණ මොවුන් දෙදෙනාගේ දැස්‌ බැඳ මුදල් රැගෙන ගොස්‌ දරුවා රැගෙනවිත් දී ඇත.

රුපියල් ලක්‍ෂ 15 ක්‌ රැගෙන ගියද දරුවාගේ පියා මොවුන්ට ඒ අවස්‌ථාවේ ලබාදී ඇත්තේ රුපියල් ලක්‍ෂ 10 කි. දරුවා රැගෙන නැවත පොලිස්‌ කණ්‌ඩායම සිටි ස්‌ථානයට පැමිණි පසු ඔවුන් අසාම් ද රැගෙන කප්පම්කරුවන් රැඳී සිටි නිවසට ඇතුළු වී තිබේ.

කප්පම් මුදල ලබාදෙන අවස්‌ථාවේදී දෑස්‌ බැඳ තිබූ නිසා දරුවාගේ පියාට මොවුන් හඳුනාගැනීමට නොහැකි වුවද නිවසේ තිබූ දරුවාගේ සෙරෙප්පු දෙක හඳුනාගැනීමට ඔහුට හැකියාව ලැබී ඇත.

ඒ අනුව එළු ගාලේ සඟවා තිබූ කප්පම් මුදල වූ රුපියල් ලක්‍ෂ 10 ද සොයාගෙන ඇති අතර මුල සිටම මෙම සිද්ධියට සැක කළ පැහැර ගැනීමට ලක්‌ වූ බව කිවූ අසාම් ද සිද්ධිය වමාරා තිබේ.

ඒ අනුව මෙම සිද්ධියේ මහමොළකරු අසාම් වන අතර කප්පම් කණ්‌ඩායමට ඔහුගේ වැඩිමහල් සහෝදරයා හා තවත් දෙදෙනකු ද සම්බන්ධ වී තිබේ.

රිපාස්‌ගේ මවගේ අයියාගේ පුතා වන අසාම් ගම්පොල රිපාස්‌ගේ නිවසට නිතර ආ ගිය අයෙකි. කුඩා දරුවා මොහුට හුරු පුරුදු වන අතර නිවසේ අයගේ ද විශ්වාසය දිනාගෙන ඇත.

යතුරුපැදිවලට දැඩි ආශාවක්‌ දක්‌වා ඇති අසාම් නවීන පන්නයේ යතුරුපැදියක්‌ ගැනීමට රුපියල් ලක්‍ෂ 5 ක්‌ සොයාගැනීමේ අරමුණින් මෙම සැලසුම දියත් කර තිබෙන බවට වාර්තා වේ.

දරුවා පැහැරගත් දින රුපියල් 14,000 ක්‌ කුලියට ගත් වෑන් රථයකින් ගම්පොල සිට දරුවා කල්මුණේට රැගෙන ගොස්‌ ඇති බව ද අනාවරණය වී තිබේ.

පොලිසිය මෙම නිවසට යන අවස්‌ථාවේ නිවසේ සිට අසාම්ගේ සොහොයුරා ඇතුළු අනෙකුත් සැකකරුවන් පැනගොස්‌ ඇති අතර කාන්තාවන් දෙදෙනා සහ අසාම් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්‍ෂණයක්‌ අරඹා ඇති අතර සැකකරුවන් ඊයේ (7) ගම්පොල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි

 

From-http://www.citizen.lk

 

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles