Welcome
Login / Register

මෛත්‍රී පිල මහින්ද පිල හා එක් වනවාද ? අද සවස 5ට තීරණය. ලංකාව තුළ නොසිතූ දේශපාලන පෙරළියක ඉඟි පළවෙයි

Loading...

පැවති මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩු පෙරළි පිලිබදව දැඩි ලෙස අපට අසන්නට ලැබෙනවා. ඒ අනුව එජාපයෙන් තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අද(14) සවස 5.00 වනවිට තීරණය තමන්ට දන්වන්නැයි ජනපති පවසා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ(13) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණ දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත් කර තිබෙන අතර, එම කමිටුවේ තීරණය අද සවස්වනවිට ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වය යටතේ කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වෙන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් එකඟතාව ලැබී ඇතැයිද වාර්තාවනවා. ඊයේ(13) සවස එජනිස අමාත්‍යවරුන් සහ මන්ත්‍රිවරුන් හමුවී කළ සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාක් ඉදිරිපත්වී තිබෙන බවත්, එම තීරණය මහින්ද රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පක්ෂ නායකයිනට දැනුම් දීමෙන් අනතුරුව කොන්දේසි කිහිපයකට යටත්ව එකඟතාව ලැබී තිබෙනවා. ඒ අනුව කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලැබෙයි නම්, සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ යම් එකඟතාවයක් ඇතිවී තිබේයැයිද වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමත් සමඟ අස්ථාවර දේශපාලන වාතාවරණයක් රට තුළ නිර්මාණය වූ අතර, යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සහ මැතිවරණයේදී වැඩි පාලන බලයක් ලැබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලවත් වීම, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් හා ඇමතිවරුන් යහපාලනය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරිම, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ආණ්ඩුවක සිටීමට අකමැති බව දැන්වීමත් නිසා ඇතිවූ දේශපාලන අර්බුධය නිසා  ස්ථාවර ආණ්ඩුවක් සහ අගමැතිවරයෙකු පත්කරගැනීමට නොහැකිවී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ බලය සහ එජාප නායකත්වය රැකගැනීම සඳහාත්, එජාප ආණ්ඩුවක් පත්කරගැනීම සඳහාත් කටයුතු කිරීම තුළ ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ විවිධ මට්ටමේ සාකච්ඡා වාර ගණනාවක් පැවැත්විණි.

ඊයේ(13) සවස යහපාලන ආණ්ඩුවේ කොටසම්කරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන කිසිදු ආණ්ඩුවකට තමන් සහයෝගය නොදක්වන බවද ඔවුහු දන්වා සිටියා.

ඊයේ(13) දිනය තුළදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රීකණ්ඩායම රැස්වී පැවැත්වූ එවැනි විශේෂ සාකච්ඡාවකදී ප්‍රධාන තීන්දු දෙකක් ගෙන තිබෙනවා.

රටේ තිබෙන වත්මන් දේශපාලන තත්ත්වයන් සලකා බලා රටේ ජාතික දේශපාලනය තුළ අගමැතිවරයෙකු පත්කිරීම හා රටේ පාලන බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පත්කරගැනීමෙන් රටේ වරාය,තෙල් ඇතුළු සම්පත් විකිණීම, ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි රටට මාරාන්තික අහිතකර කරුණු ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බැවින් එය පරාජය කළ හැකි ක්‍රියාමාර්ග ගැනීම එම කමිටුවට පවරා තිබේ.

එසේම එජාපයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කළහොත් එම උත්සහය පරාජය කිරීම සඳහා එජනිස මන්ත්‍රි කණ්ඩායම සමඟ සන්ධානගත වීමටද අවශ්‍යය නම් කටයුතු කිරීමටද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා. එසේම එම සාකච්ඡාවේදී ගනු ලැබූ දෙවැනි තීරණය වූයේ පොදුජන පෙරමුණට ලැබී තිබෙන ගමේ බලය රඳවා ගැනීම සඳහා නිවැරදි නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා අනෙකුත් පත්කරගැනීම් සිදුකිරීම සඳහා චමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් පත් කරගැනීමය.

මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය, අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය රටේ බල තුලනය පිළිබදව වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටිනවා.

මැතිවරණයෙන් පසුව ගතවූ දින හතරක කාලය තුළ රට අරාජික තත්ත්වයකට පත්වී තිබෙන අතර, මෙම සාකච්ඡවල අරමුණ විය යුත්තේ මෙම අරාජිකත්වය වළක්වා ගැනීමය. එසේ නොවුනහොත් රටේ ආර්ථිකය මෙන්ම ඉදිරි ගමනද පසුපසට යෑම වැළැක්විය නොහැකි බවයි බොහෝ දෙනා පවසන්නේ.

 

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles