Welcome
Login / Register

ශ්‍රීලනිප 10ක්,දෙමළ ජාතික සන්ධානයේ 03ක් එජාපයට අරන් ආණ්ඩුවක් හදන්න ප්‍රබල ව්‍යාපාරිකයින් දෙදෙනෙක් කෝටි ගණනක් විසි කරයි

Loading...

පළාත් පාලන මැතිවරණයෙන අනතුරුව ගතවී ඇත්තේ දින කිහිපයක් පමණි. එහිදී ලැබුණු ප්‍රතිපලය සමඟින් ආණ්ඩුව පරාජයට පත්වී ගතවූ දින කිහිපය තුළ රට අරාජික තත්වයට පත්වී තිබෙන අතර, කොටස් වෙළඳපලද කඩා වැටෙමින් තිබෙන බව වාර්තාවිය. මෙම අර්බුදය වඩාත් උග්‍ර වීමට හේතුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දරන ආණ්ඩුවක කටයුතු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අකමැත්ත පළකිරිමයි.

මෙම තත්ත්වය හේතුවෙන් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ අවධානය දැඩිව යොමුව තිබෙන අතර ඊයේ(13) රැස්වූ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව තනි එජාප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇති බවද වාර්තා වුනා.

තනි එජාප ආණ්‌ඩුවක් සඳහා ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක්‌ ද එක්‌ වන බවට ඊයේ(13) පස්‌වරුවේ තොරතුරු වාර්තා වුනා. එක්සත් ජාතික පක්ෂයට මේ වනවිට පාර්ලිමේන්තුවේ හිමි මන්ත්‍රී ආසන ගණන 106ක් වන අතර, බහුතරය ලබාගැනීමට නම් ඔවුන්ට තවත් මන්ත්‍රීධූර 07ක් අවශ්‍යව තිබෙනවා.

එම බහුතරය ලබාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයේ ප්‍රබලයන් මේ වන විටත් සූදානම් වී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 03දෙනෙකු ඒ සඳහා එක්කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තාවනවා.

මෙම මන්ත්‍රීවරුන් එක්කර ගැනීමේ තිරය පිටුපස කටයුත්තේ එජාප ප්‍රබලයෙකු සිටින බවද අණාවරණය වනවා. මෙසේ එක්කරගන්නා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 20 බැගින් ලබාදීමට පොරොන්දු වී ඇති බවත්, ප්‍රබල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු මෙම මුදල් ලබාදෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

 

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles