Welcome
Login / Register

Most Popular Articles


  • බංගලියන් පරදා ලංකාව තියුනු ජයක් ලබයි අකිල දනන්ජය නැවතත් වැඩ පෙන්නයි

    බංගලියන් පරදා ලංකාව තියුනු ජයක් ලබයි
    අකිල දනන්ජය නැවතත් වැඩ පෙන්නයි

    සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමත්විය.

    තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50තුළ කඩුලු ක් දැවී ලකුණු 354ක් ලබා ගත්හ.

    එහිදී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක්ද සදුන් වීරක්කොඩි ලකුණු 67ක්ද ලබා ගත්හ.

    ලකුණු 355ක් ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 08ක් දැවි ලකුණු 352ක් පමණි.

    එහිදී ප‍්‍රවේගකාරී ඉනිමක් ක‍්‍රීඩාකළ බංගලාදේශ නායක මෂ්රීෆ් මොටාසා පන්දු 35 කදී ලකුණු 58ක් රැුස් කලේ දැවැන්ත හයේ පහර 4ක්ද සමගින්

    අකිල ධනංජය කඩුලු 03යි..

    තරගයේ ලකුණු පුවරුව පහතින්

     

    Read more »
  • බංගලියන් එරෙහිව සිංහයන් ප‍්‍රබල තත්වයක – කුසල් සදුන් ඉනිම ගොඩනගයි

    සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙයි

    බංගලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන පිට පන්දුවාර 27ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ප‍්‍රබල තත්වයේ පසුවෙයි

    අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ සදුන් වීරක්කොඩි පන්දු 54දී වේගවත් ලකුණු 67ක් ලබා ගත් අතර නොදැවී පන්දුවට පහරදෙන කුසල් පෙරේරා ලකුණු 58ක්ද ලබා සිටී

    තරගයේ ලකුණු පුවරුව පහතින්

     

    Read more »
  • බංග්ලාදේශ් තරඟය නිසා මෙවර IPLහි මුම්බායි ඉන්දියන්ස් සමඟ පළමු තරඟයට මාලිංග බෑ කියයි

    මෙවර IPL තරඟ මාලාවේ මුම්බායි ඉන්දියන්ස් පිල සහභාගී වන පළමු තරඟය මේ මස 6වනදා පැවැත්වෙන අතර එයට ලසිත් මාලිංග සහභාගී නොවන බවට වාර්තා වෙනවා.

    ඒ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයද එදිනටම යෙදී තිබීම හේතුවෙන්. IPL තරඟාවලියට වඩා තමන්ට ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කිරීම වැදගත්වන බවත් IPL සෑම තරඟයකටම සහභාගී විය යුතු වූවත් තමා ජාතික කණ්ඩායමේ තරඟයන් වලට සහභාගී වීමට මුල්තැන දෙන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් පවසා සිටියා.

    ඔහු මේ සම්බන්දයෙන් Citizen.lk අපවෙත වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා....

    ''IPL තරඟාවලියේ සෑම තරඟයකටම අපි සහභාගී වෙන්න ඕනි, එත් රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තමයි මගේ අංක එක වෙන්නේ, ඒ නිසා බංග්ලාදේශය එක්ක පැවැත්වෙන තරඟ දෙකට සහභාගී වෙලා තමයි මම IPL සෙල්ලම් කරන්න යන්නේ, 6 වෙනිදා තියෙන පළවෙනි IPL මැච් එක මට මිස් වෙනවා. ඒත් පන්දුවාර විස්ස තරඟාවලිය තුළ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව, ඒ නිසා ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරලා පස්සේ මම IPL යනවා.''

    Read more »
  • ක්‍රිකට් ලොව හොල්ලමින් පුංචි සංගා ක්‍රිකට් පිටියට.. සංගාගේ කාබන් කොපිය

    අපේ ක්‍රිකට් ලෝකයේ විරයා කුමාර සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට එනවා කිව්වොත් අපිට කොච්චර සතුටල් දනෙයිද? මේ කියන්න යන්නේ ඒවගේ පුවතක් ගැනයි

    සංගක්කාර ක්‍රීඩාවේ යෙදෙන අකාරයටම ක්‍රීඩාවේ යෙදෙන කුඩා දරුවෙකු ගැන පසුගිය කාලයේ සමාජ ජාල මාධ්‍ය හරහ්ක ප්‍රචාරය වන්නට වුනා. ඔහු ශාරුජන් ශන්මුගනාදන්ය. ශරුගේ පුහුණුකරුවන් ප්‍රකශ කරන ආකාරයට නම් ශාරු යනු සංගාගේ කාබන් කොපියකි. 100% සංගාගේ පිතිහරම්බයට සමනය. එමෙන්ම ඉරියව් පමණක් නොව දක්ෂතාවයන්ද ඔහුගේ වයසට වඩා මුහුකුරා ගොස් ඇති බව ඔහුගේ පුහුණුකරුවන්ගේ අදහසය ඔහු සි.සි.සි. පාසලේ අන්තර් නිවාස ක්‍රිකට් තරඟාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ අවසන් තරඟයේ වීරයා සම්මන ලබාගෙන ඇත්තේ 2013 වයස 10 පහල වයස් කාන්ඩයේය.එමෙන්ම CCC පාසැල නියෝජනය කරමින් බැංගලෝරයේ පැවති තරඟාවලියකට සහභාගී වී ඇති ශාරු එහිදී තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.ශාරු මෙවන් දක්ෂතා දක්වන ඔහු තවමත් වයස 11 වන කුඩා ක්‍රීඩකයෙකු වේ

    තවමත් ලංකාවෙන් සංගලා මහේලලා බිහිවෙනකම් බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට ශාරු හොඳ උත්තේජනයක් වනු නොඅනුමානයි

    Read more »
  • ලෝක පූජිත සංගාගෙන් පොඩි කුසල්ට පාඩමක්

    සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති දෙවනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමීමට සිදුවුනා.

    සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 101 ක් ලබා ගත් අතර එය ක‍්‍රිඩා විචාරකයින්ගේ දැඩි පැසසුමට ලක්වුනා.

    ලංකාවෙන් බිහිවූ සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කුසල්ගේ මංගල ශතකයට සුබපැතුම් එක්කර තිබූ අතර සම්බන්ධතා ඉතා වැදගත් බවද එම පණිඩුඩයේ සටහන් කර තිබුණා.

    එම ටිවිටර් පණිවුඩය පහතින්

     

    Read more »